SLNCU

යුනෙස්කෝ සංවිධානය

අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතිය, සහ සන්නිවේදනය සහ තොරතුරු යන ක්ෂේත්‍රයන්හි අන්තර්ජාතික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මගින් සාමය සහ ආරක්ෂාවවෙනුවෙන් දායක වීමේ විධිනියෝගය සමඟ 1945 වර්ෂයේ දී පිහිටුවනු ලැබූ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO), එක්සත් ජාතීන්ගේ විශේෂිත නියෝජිත ආයතනයකි. 

සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම, විද්‍යාත්මක සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, සංස්කෘතික සහ ස්වභාවික උරුම ආරක්ෂා කිරීම, සංස්කෘතික විවිධත්වය ප්‍රවර්ධනය කිරීම, සහ ප්‍රකාශනයේ නිදහස සහ තොරතුරු වෙත ප්‍රවේශය වෙනුවෙන් හැකියා වර්ධනය කිරීම මගින් අන්තර්කරණ සහ දැනුම පදනම් සමාජ ගොඩනැඟීම සඳහා යුනෙස්කෝ සංවිධානය කටයුතු කරයි. ජනතාව අතර පවතින බුද්ධිමය සහ සදාචාරාත්මක වටිනාකම් මත පදනම්ව තිරසර සාමය ගොඩනැගෙන්නේ ය යන දැඩි විශ්වාසය මත එහි කටයුතු සිදු කෙරේ.‍

සාමාජික රටවල් 194කින් සහ ජාතික කොමිෂන් සභා, ක්ෂේත්‍ර කාර්යාල, සහ විශේෂිත ආයතනවලින් සමන්විත ගෝලීය ජාලයකින් යුතුව, යුනෙස්කෝ සංවිධානය ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම, අන්තර්ජාතික නියමයන් සහ ප්‍රමිතීන් සකස් කිරීම, තිරසර සංවර්ධන අභිමතාර්ථ අනුව යමින් ගෝලීය සහ ජාතික ප්‍රමුඛතා ආමන්ත්‍රණය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහාය දක්වයි.