SLNCU

දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය (SACTD)

ශ්‍රී ලංකාවේ මීපේ හි පිහිටා ඇති දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, යුනෙස්කෝ අනුග්‍රහය යටතේ ශ්‍රී  ලංකා රජය විසින් පිහිටුවන ලද යුනෙස්කෝ 2 කාණ්ඩයේ මධ්‍යස්ථානයකි. ගුරුවරුන් සහ ගුරු පුහුණුකරුවන්ගේ සංවර්ධනය සඳහා වන කලාපීය මධ්‍යස්ථානයක් ලෙස, මෙම මධ්‍යස්ථානය යුනෙස්කෝ සංවිධානයේ උපායමාර්ගික ප්‍රමුඛතාවලට සහාය දක්වන අතර, දකුණු ආසියාව පුරා සියල්ලන් සඳහා සාධාරණ සහ ගුණාත්මක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම මගින් 4 වන තිරසර සංවර්ධන ඉලක්කයට සෘජුවම දායක වේ.

ප්‍රතිචාරාත්මක බව, නවෝත්පාදනය, සහයෝගිතාව, අඛණ්ඩතාව සහ විවිධත්වයට ගරු කිරීම යන මූලික වටිනාකම් මගින් මෙහෙයවනු ලබන දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, වෙනස්වීම සහ සහයෝගිතාව වැළඳ ගනිමින් ගුරු අධ්‍යාපනයේ විශිෂ්ටත්වය පෝෂණය කරයි. ගුරුවරුන් පුහුණු කිරීමේ ප්‍රමිතීන් සැකසීම, අනාගත ප්‍රවණතා හැඩගැස්වීම සහ අධ්‍යාපනයේ සහ මානව සංවර්ධනයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා කලාපීය විශිෂ්ටතා මධ්‍යස්ථානයක් (Centre of Excellence) ලෙස ක්‍රියාත්මක වීම මෙම මධ්‍යස්ථානයේ අරමුණයි.

යුනෙස්කෝ සංවිධානයේ හවුල්කාරිත්වය මත පදනම් වූ ප්‍රවේශයට අනුකූලව, ධාරිතා වර්ධනය, දැනුම බෙදා ගැනීම සහ කලාපීය තිරසර සංවර්ධනය සඳහා අධ්‍යාපන පද්ධති ශක්තිමත් කිරීමට, දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය රජයන්, ආයතන සහ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.