ශ්‍රී ලංකාවේ පැරණි දේශීය තාක්ෂණයක් වන කිතුල් මැදීම හෙවත් කිතුල් කැපීම
2025 වර්ෂයේ යුනෙස්කෝ අස්පර්ශණීය සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කළ ශ්‍රී ලංකාවේ කිතුල් මැදීම, කිතුල් ගසින් යුෂ ලබාගැනීමේ සාම්ප්‍රදායික ක්රමයකි. මෙහිදී ප්‍රවේශමෙන් ගසට නැගීම, කිතුල් මල සකස් කිරීම හා මල් කැපීම සඳහා පරිශුද්ධ වූ පිහියක් භාවිතයෙන් දිනපතා යුෂ එකතු කිරීම සිදු කෙරේ. අනතුරුව එම යුෂ පෙරා, උණු කර කිතුල් පැණි බවට පත් කිරීම හෝ හකුරු, විනාකිරි, මද්‍යසාර වර්ග නිෂ්පාදනය කිරීම හෝ නැවුම්ව පානය කිරීම කරනු ලැබේ. චාරිත්‍ර විධි, උත්සව සහ එදිනෙදා ජීවිතයේදී මෙම කිතුල් නිෂ්පාදනවලට මුල් තැනක් හිමි වන අතර, සාම්ප්‍රදායික විශ්වාසයන් හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් භූමිකාවන් තුළ මෙම දැනුම ප්‍රධාන වශයෙන් පාරම්පරිකව පවුල් තුළ සම්ප්‍රේෂණය වුව ද, වර්තමානය වන විට, මෙම කර්මාන්තය, කුලමල සීමාවන් ඉක්මවා ප්‍රජාවන් එක්සත් කරන, සංස්කෘතික අනන්‍යතාව ශක්තිමත් කරන, ග්‍රාමීය ජීවනෝපායන් නගා සිටුවන සහ මිනිසුන් සහ සොබාදහම අතර පවතින ගෞරවනීය සම්බන්ධතාව තව දුරටත් තහවුරු කරන මාධ්‍යයක් බවට පත් වී ඇත.