1873 දී පැවති පානදුරාවාදය එනම්, පානදුර මහා වාදය හා සම්බන්ධ ලේඛන
ශ්‍රී ලංකාවේ පානදුරේ රන්කොත් බෞද්ධ විහාරස්ථානයේ සංරක්ෂණය කර ඇති ලේඛනගත උරුමයන්ට අයිති මෙම ලේඛන හතර, 1873 දී නිර්මාණය කරන ලද්දේ 19 වන සියවසේ මැද භාගයේ බෞද්ධ හා ක්‍රිස්තියානි ප්‍රජාවන් අතර සැලකිය යුතු ආගමික ආතතියක් පැවැති කාල පරිච්ඡේදයකය. මෙම ලේඛන ගෝලීය වැදගත්කමක් ඇති සුවිශේෂී ඓතිහාසික, සංස්කෘතික, අධ්‍යාත්මික සහ බුද්ධිමය වටිනාකමක් දරන අතර, ඒවායේ මූලධර්මීය ගැටලු සම්බන්ධයෙන් විවෘත සංවාදයකට ආරාධනා කරමින්, ප්‍රමුඛ බෞද්ධ හා ක්‍රිස්තියානි නායකයන් අතර සිදු වූ ලිපි හුවමාරුවක් සහ කඩදාසි මත තීන්තවලින් පිටු 27 ½ක් පුරා එම සංවාදයේ සම්පූර්ණ, අතින් ලියන ලද පිටපත් කිරීම් ද ඇතුළත් වේ.
මෙම ඓතිහාසික සංවාදය මගින් ආගමික ප්‍රජාවන් දෙකටම සිය විශ්වාසයන් පිළිබඳ වඩාත් පැහැදිලි කර ගැනීම, වරදවා වටහාගැනීම් තුරන් කිරීම සහ ගෞරවනීය බුද්ධිමය හුවමාරුවක යෙදීමට හැකි වූ අතර, අනතුරුව එය දශක තුනක පමණ කාලයක් පුරා, සංහිඳියාව සහ අන්‍යෝන්‍ය ගෞරවය ඇති කිරීමට උපකාරී විය. පසුව යුරෝපයේ සහ එක්සත් ජනපදයේ බෙදා හරින ලද මෙම සංවාදයේ ඉංග්‍රීසි පරිවර්තන, ආගමික විද්වතුන් සහ ක්‍රියාකාරීන් කෙරෙහි සැලකිය යුතු ලෙස බලපෑ අතර, බුදුදහම දාර්ශනිකව දියුණු ආගමක් ලෙස පිළිගැනීමට දායක විය.