1953 දී ආරම්භ කළ යුනෙස්කෝ ආශ්‍රිත පාසල් ජාලය (ASPnet) යනු අධ්‍යාපනය තුළින්සාමය, මානව හිමිකම්, තිරසර සංවර්ධනය සහ අන්තර්සංස්කෘතික අවබෝධය ප්‍රවර්ධනයකිරීමට කැප වූ පාසල්වලින් සැදුම්ලත් ගෝලීය ජාලයකි. යුනෙස්කෝ සංවිධානය විසින් සම්බන්ධීකරණය කෙරෙන යුනෙස්කෝ ආශ්‍රිත පාසල් ජාලය විසින් යුනෙස්කෝ ආයතනයේ පරමාදර්ශ අර්ථවත් ඉගෙනුම් අත්දැකීම් බවට පරිවර්තනය කරමින්, ළමුන්ගේ සහ තරුණයන්ගේ සිත් තුළ සාමය පිළිබඳ ආකල්ප වැඩිදියුණු කිරීම සඳහා රටවල් 167ක් තුළ පිහිටි ආසන්න වශයෙන් පාසල් 10,000ක සංඛ්‍යාවක් එකී ජාලය මගින් සම්බන්ධ කෙරේ.
යුනෙස්කෝ ආශ්‍රිත පාසල් ජාලය ප්‍රධාන අරමුණු හතරක් ඔස්සේ මෙහෙයවනු ලැබේ. පළමු අරමුණ වනුයේ, “පාසල්වල නව්‍ය අදහස් අත්හදා බැලීමට ලක් කරන ස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමට සවිබලගැන්වීම” වේ. දෙවැනි අරමුණ වනුයේ, එකී ජාලය “ජාත්‍යන්තර සහයෝගීතාව, හවුල්කාරිත්වය සහ පාසල් සහ රටවල් අතරදැනුම හුවමාරු කර ගැනීම දිරිමත් කරමින් ගෝලීය ජාලකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම” වේ. තෙවැනි අරමුණ වනුයේ, “යුනෙස්කෝ ආශ්‍රිත පාසල් ජාලය විසින් “ධාරිතා ගොඩනැගීම, නව්‍ය ඉගෙනුම් පිළිවෙත් සංවර්ධනය කිරීමට සහ සමස්ත පාසල් පද්ධතියම ඉගෙනුම් ක්‍රියාවලියට දායකවන සහභාගිත්ව ප්‍රවේශයක් සඳහා සහාය දැක්වීම” වේ. අවසන් අරමුණ වනුයේ, “යුනෙස්කෝ ආශ්‍රිත පාසල් ජාලය, සන්නිවේදනය සහ උපදේශනය මගින්, පාසල්, ප්‍රජාවන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මහජනතාව අතර දැනුම්වත්භාවය සහ සහභාගිත්වය වැඩිදියුණු කරමින් පරිවර්තනීය අධ්‍යාපනයක් සහ ගුණාත්මක වැඩිදියුණු කිරීම් ප්‍රවර්ධනය කිරීම” වේ.
ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින්, යුනෙස්කෝ ආශ්‍රිත පාසල් ජාලය, තිරසර සංවර්ධනය, ගෝලීය පුරවැසි අධ්‍යාපනය, සහ අන්තර්සංස්කෘතික හා උරුම ආශ්‍රිත ඉගෙනීම යන ප්‍රධාන ප්‍රමුඛතා ක්ෂේත්‍ර තුනක් කෙරෙහි අවධානය යොමු කරයි. නිශ්චිත ක්‍රියාමාර්ග සහ පාසල් පාදක ව්‍යාපෘති හරහා, සාමාජික පාසල් විසින් මානව හිමිකම්වලට ගරු කිරීම, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතාව, සමාජ ප්‍රගතිය, නිදහස, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය, සංස්කෘතික විවිධත්වය හා ජාත්‍යන්තර සහයෝගීතාව සහ ගෝලීය ගෞරවය යනා දී වටිනාකම් ද ඇතුළුව යුනෙස්කෝ සංවිධානයේ හර වටිනාකම් සක්‍රීය ලෙස ප්‍රවර්ධනය කරයි.
සාමය හා තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා අධ්‍යාපනය ගාමක බලවේගයක් වන්නේය යන යුනෙස්කෝ සංවිධානයේ දර්ශනයට ශක්තිමත් ජාතික මට්ටමේ බැඳියාවක් ප්‍රදර්ශනය කරමින්, 100කට වැඩි පාසල් සංඛ්‍යාවක් මේ වන විටත් යුනෙස්කෝ ආශ්‍රිත පාසල් ජාලයට සම්බන්ධ වී ඇත. ශ්‍රී ලංකාවේ පාසල් මගින් පළාත්, ජාතික සහ ගෝලීය මට්ටමින් ධනාත්මක ආකාරයෙන් සහභාගිත්වයක් දැක්වීමට සූදානම් වගකීම්සහගත, දැනුම්වත් සහ සහකම්පනයෙන් යුත් තරුණ පුරවැසියන් පුහුණු කරමින්, ගෝලීය කතිකාවතක් ඇති කිරීම සඳහා යුනෙස්කෝ ආශ්‍රිත පාසල් ජාලය දායක වේ.