යුනෙස්කෝ ත්‍යාග
ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම, දරිද්‍රතාවට එරෙහිව සටන් කිරීම, ගුණාත්මක හා අන්තර්කරණ අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශය තහවුරු කිරීම, දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීම සහ සාමකාමී සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා සංස්කෘතික විවිධත්වය ආරක්ෂා කිරීම ඇතුළු ප්‍රධාන ගෝලීය අභියෝග සඳහා තිරසර විසඳුම් ලබාදෙන මූලාරම්භයන් යුනෙස්කෝ ත්‍යාග මගින් ඇගයීමට ලක් කෙරේ. විවිධ සාමාජික රටවල් විසින් අනුමත කරන ලද මෙම ත්‍යාග සැලකිය යුතු සංකේතාත්මක වැදගත්කමක් දරන අතර, බොහෝ විට මූල්‍යමය ත්‍යාගයක් ද මෙයට ඇතුළත් වේ.
මෙම ත්‍යාග මගින් යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන කාර්ය ක්ෂේත්‍ර හතර, එනම් අධ්‍යාපනය, විද්‍යාව (ස්වභාවික විද්‍යා සහ සමාජීය හා මානව විද්‍යා), සංස්කෘතිය, සහ සන්නිවේදනය හා තොරතුරු පිළිබිඹු වේ.
මෙම ත්‍යාග, ඉහත ක්ෂේත්‍ර තුළ, සාමය, ඉවසීම සහ මානව හිමිකම්, සාක්ෂරතාව සහ අධ්‍යාපනය, සංස්කෘතිය හා පරිසරය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සහ තිරසර සංවර්ධනය උදෙසා විද්‍යාත්මක පර්යේෂණ වැනි ප්‍රධාන තේමාවන් කෙරෙහි අවධානය යොමු කරයි.
ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ ත්‍යාග පිළිබඳ ඕනෑම විමසීමක් සඳහා ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව (SLNCU) ඇමතිය හැකි ය. ත්‍යාග පිළිබඳ යාවත්කාලීන කිරීම් සහ නිවේදන නිතිපතා ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභා සමාජ මාධ්‍ය නාලිකා හරහා දැනුම් දෙනු ලබන අතර අදාළ බලධාරීන්ට විද්‍යුත් තැපෑලෙන් දැනුම් දෙනු ලැබේ.