SLNCU

අපගේ කණ්ඩායම

ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව,  කොමිෂන් සභාව සහ ලේකම් කාර්යාලය යනඅංශ දෙකෙන් සමන්විත වේ: 

සභාපති

ආචාර්ය හරිනි අමරසූරිය
අගමැති
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේඅග්‍රාමාත්‍ය ‍ධුරය දරනු ලබනආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාවේප්‍රමුඛ පෙළේ විද්වතෙකු මෙන්ම දේශපාලඥයෙකි. ඇයට සමාජ විද්‍යාව සහ සමාජ මානව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය පසුබිමක් ඇති අතර,වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරමින්එහිදී අධ්‍යාපනය,සමාජ සාධාරණත්වය සහ මානව හිමිකම් වැනි කාරණා පිළිබඳ ඇයගේ අවධානය යොමු කළාය.

ඇය දිල්ලි විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදීඋපාධිය ද ඕස්ට්‍රේලියාවේ මැක්වේරි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද  එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබා ඇත. ඇයගේ වෘත්තීය ජීවිතය ශාස්ත්‍රීය, ප්‍රජා සංවර්ධනය සහ බිම් මට්ටමේ දේශපාලනය දක්වා විහිදෙන අතර ඇය තරුණ පිරිස් සවිබලගැන්වීම සදහා උපදේශනය,ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යන ක්ෂේත්‍රයන් තුළ සක්‍රීය දායකත්වයක් දක්වයි.

උප සභාපති

නාලක කළුවැව මයා
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්

නාලක කළුවැව මහතා ශ්‍රී ලංකා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වේ. 2000 වර්ෂයේ  දී ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වුණු අතර රාජ්‍ය පරිපාලනය පිළිබඳ දශක දෙකකට වැඩි පළපුරුද්දක් ඔහු සතු වේ. ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්, ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී,රක්නා ලංකා සමාගමේ සභාපති,ජනාධිපති අතිරේක ලේකම්,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක මැතිවරණ කොමසාරිස් සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ තනතුරු කිහිපයක් ඔහු විසින් සිය වෘත්තීය ජීවිතය තුළ හොබවා ඇත.

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක්ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී ශාස්ත්‍රපති උපාධියක්ද කැන්බරා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ඇත. ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රීය ආචාර්ය උපාධියක් හදාරමින් සිටියි.

ප්‍රධාන විධායක නිලධාරි

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ
මහ ලේකම් - ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව
prabhath.slncu@gmail.com

ප්‍රභාත් ජයසිංහ මහතා ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන අතර වර්තමානයේ ඔහු ද්විතීයික පදනම මත ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් ද සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියක් සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයෙන් (NUS) ආචාර්ය උපාධියක් ද ලබාගෙන ඇත. වසර තිහකට ආසන්න ශාස්ත්‍රීය පළපුරුද්දක් ඇති ඔහු ව්‍යාපාර ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

ඔහුගේ ශාස්ත්‍රීය කටයුතුවලට අමතරව, ඔහු ප්‍රශංසනීය හා සම්මානලාභී නිර්මාණශීලී ලේඛකයෙක් වන අතර ඔහු විසින් සිය ප්‍රබන්ධ සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළුව, ජාතික සාහිත්‍ය සම්මාන හයක් ලබාගෙන ඇත.

කොමිෂන් සභා සාමාජිකයන්

  • වයි. එල්. මොහොමඩ් නවාවි මයා ලේකම් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය
  • ශෂිකලා ප්‍රේමවර්ධන මිය අතිරේක ලේකම්(ද්විපාර්ශ්වික ප්‍රතිපත්ති) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
  • සමන්ති සේනානායක මිය අතිරේක ලේකම්(වෘත්තීය අධ්‍යාපනය) නිපුණතා සංවර්ධන සහ වෘත්තීය අධ්‍යාපන අධ්‍යාපන, උසස්අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
  • අප්සරා කල්දේරා මිය අතිරේක ලේකම් (සංවර්ධන) – උසස් අධ්‍යාපන
  • ආර්. ඒ. ඩී. එස්. රණතුංග මයා අතිරේක ලේකම් (ධීවර සම්පත් කළමනාකරණ) ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
  • ඩබ්. ජී. කුමාරගම මිය අතිරේක ලේකම් (පාරිසරික ව්‍යාපෘති සහ අධ්‍යාපනික පුහුණු) පරිසර අමාත්‍යාංශය
  • සුජීවා පල්ලියගුරුගේ මිය අතිරේක ලේකම් (පරිපාලන) බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශය
  • දීපා ලියනගේ මිය අතිරේක ලේකම් (ජනමාධ්‍ය) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
  • එච්. ඒ. එච්. පෙරේරා මිය අතිරේක ලේකම් (සමාජ ආරක්ෂණ) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය
  • ඩබ්. ඩබ්. එම්. පී. එස්. සී. පාලමාකුඹුර මයා වන සංරක්ෂණ ජනරාල් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
  • එම්. එස්. එල්. ආර්. පී. මාරසිංහ මයා අධ්‍යක්ෂ ජනරාල් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
  • ආචාර්ය නිලාන් කුරේ අධ්‍යක්ෂ ජනරාල් මධ්‍යම සංස්කෘතික අරමුදල
  • සනූජා කස්තුරිආරච්චි මිය අධ්‍යක්ෂ ජනරාල් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
  • ‍හේමන්තා පුබුදුසිරි මිය අධ්‍යක්ෂ මුදල්, ක්‍රසම්පාදන සහ සංවර්ධන අමාත්‍යාංශය

සභාපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන්

  • වරුණ ශ්‍රී ධනපාල මයා

    ලේකම් (වැඩබලන) ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය
  • ආචාර්ය එස්. එස්. පී. ද අල්විස්

    අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
  • ආචාර්ය ආශා ද වෝස්

  • චන්ද්‍රා වික්‍රමසිංහ මයා

  • ආචාර්ය විවිමැරී වෑන්ඩර්පූර්ටන් මැදවත්තේගෙදර


  • සාමිනාදන් විමල් මයා

මහලේකම්

මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ
prabhath.slncu@gmail.com

ප්‍රභාත් ජයසිංහ මහතා ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන අතර වර්තමානයේ ඔහු ද්විතීයික පදනම මත ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සහාවේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් ද සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියක් සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයෙන් (NUS) ආචාර්ය උපාධියක් ද ලබාගෙන ඇත. වසර තිහකට ආසන්න ශාස්ත්‍රීය පළපුරුද්දක් ඇති ඔහු ව්‍යාපාර ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

ඔහුගේ ශාස්ත්‍රීය කටයුතුවලට අමතරව, ඔහු ප්‍රශංසනීය හා සම්මානලාභී නිර්මාණශීලී ලේඛකයෙක් වන අතර ඔහු විසින් සිය ප්‍රබන්ධ සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළුව, ජාතික සාහිත්‍ය සම්මාන හයක් ලබාගෙන ඇත.

නියෝජ්‍ය මහලේකම්

නාලක රත්නායක මයා
nrathnayake.slncu@slt.lk

නාලක රත්නායක මහතා ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික  කොමිෂන් සභාවේ නියෝජ්‍ය මහලේකම්වරයා වේ. 2009 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට (SLAS) එක්වුණු ඔහු දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I පන්තියේ නිලධාරියෙකු ලෙස කටයුතු කරයි.කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසඔහු මීට පෙර කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ දශකයකට වැඩි කාලයක් සේවය කර ඇත. රාජ්‍ය සේවයට පිවිසීමට පූර්වයෙන්, ඔහු පෞද්ගලික අංශයේ වසර පහක පළපුරුද්දක් ලබා ඇති අතර වරලත් අලෙවිකරණ ආයතනයෙන් (එක්සත් රාජධානිය) වෘත්තීය සුදුසුකම් ලබා ඇත. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් සහ මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.

විෂය නිලධාරීන්

අධ්‍යාපනය

ගයනි කිරිඇල්ල මිය
ශ්‍රාස්ත්‍රවේදී උපාධිය (කැළණිය විශ්වවිද්‍යාලය)
අධ්‍යාපන ශ්‍රාස්ත්‍රවේදී උපාධිය (ලින්කන් විශ්වවිද්‍යාලය)
ශාස්ත්‍රපති උපාධිය හඳාරමින් සිටී.
gkirialla.slncu@gmail.com

සංස්කෘතිය සහ සමාජ විද්‍යා

දේවිකා අමරසේකර මිය
ශ්‍රාස්ත්‍රපති උපාධිය (ආර්ථික විද්‍යාව) – (කැළණිය විශ්වවිද්‍යාලය)
ව්‍යාපාර කළමනාකරණ විද්‍යාවේදී උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
damarasekara.slncu@gmail.com

ස්වාභාවික විද්‍යාව

උපේඛා ගිනිගේ මිය
විද්‍යාවේදී උපාධිය (ස්වාභාවික විද්‍යාව – විවෘත විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා)
පශ්චාත් උපාධි ඩිප්ලෝමා (දේශගුණික විපර්යාස සහ පාරිසරික කළමනාකරණය)
guhansini.slncu@gmail.com

සන්නිවේදනය සහ තොරතුරු

ප්‍රසන්ති කෝට්ටේපොළ මිය
නිර්මාණවේදය උපාධිය (ගෞරව) ( මාධ්‍ය සහ සන්නිවේදන නිර්මාණකරණය – මොරටුව විශ්වවිද්‍යාලය),
පරිගනක පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (එඩෙක්සල්, එක්සත් ජනපදය)
pkottepola.slncu@gmail.com

ගිණුම්

මෙත්මා ලියනගේ මිය
ශ්‍රාස්ත්‍රපති උපාධිය (සමාජ විද්‍යාව) (කැළණිය විශ්වවිද්‍යාලය),
ශ්‍රාස්ත්‍රවේදී උපාධිය (ගෞරව) (රුහුණ විශ්වවිද්‍යාලය)
mliyanage.slncu@slt.lk
නිසංසලා බණ්ඩාර මිය
ශ්‍රාස්ත්‍රපති උපාධිය (ආර්ථික විද්‍යාව) – කැළණිය විශ්වවිද්‍යාලය,
ව්‍යාපාර කළමනාකරණ විද්‍යාවේදී උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
nbandara.slncu@gmail.com

පරිපාලනය

නිමල්කා රෝෂිණී මිය
ශ්‍රාස්ත්‍රවේදී උපාධිය (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)

සේවා සහය

දිල්කු රිශාන්ති මිය
ශ්‍රාස්ත්‍රවේදී උපාධිය (කැළණිය විශ්වවිද්‍යාලය)