ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව, කොමිෂන් සභාව සහ ලේකම් කාර්යාලය යනඅංශ දෙකෙන් සමන්විත වේ:
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේඅග්රාමාත්ය ධුරය දරනු ලබනආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාවේප්රමුඛ පෙළේ විද්වතෙකු මෙන්ම දේශපාලඥයෙකි. ඇයට සමාජ විද්‍යාව සහ සමාජ මානව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය පසුබිමක් ඇති අතර,වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරමින්එහිදී අධ්‍යාපනය,සමාජ සාධාරණත්වය සහ මානව හිමිකම් වැනි කාරණා පිළිබඳ ඇයගේ අවධානය යොමු කළාය.
ඇය දිල්ලි විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්රවේදීඋපාධිය ද ඕස්ට්‍රේලියාවේ මැක්වේරි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබා ඇත. ඇයගේ වෘත්තීය ජීවිතය ශාස්ත්‍රීය, ප්‍රජා සංවර්ධනය සහ බිම් මට්ටමේ දේශපාලනය දක්වා විහිදෙන අතර ඇය තරුණ පිරිස් සවිබලගැන්වීම සදහා උපදේශනය,ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යන ක්ෂේත්රයන් තුළ සක්‍රීය දායකත්වයක් දක්වයි.
නාලක කළුවැව මහතා ශ්‍රී ලංකා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වේ. 2000 වර්ෂයේ දී ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වුණු අතර රාජ්‍ය පරිපාලනය පිළිබඳ දශක දෙකකට වැඩි පළපුරුද්දක් ඔහු සතු වේ. ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්, ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී,රක්නා ලංකා සමාගමේ සභාපති,ජනාධිපති අතිරේක ලේකම්,රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, අතිරේක මැතිවරණ කොමසාරිස් සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) අධ්යක්ෂ ජනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ තනතුරු කිහිපයක් ඔහු විසින් සිය වෘත්තීය ජීවිතය තුළ හොබවා ඇත.
ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක්ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී ශාස්ත්‍රපති උපාධියක්ද කැන්බරා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ඇත. ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රීය ආචාර්ය උපාධියක් හදාරමින් සිටියි.
ප්‍රභාත් ජයසිංහ මහතා ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන අතර වර්තමානයේ ඔහු ද්විතීයික පදනම මත ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් ද සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියක් සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයෙන් (NUS) ආචාර්ය උපාධියක් ද ලබාගෙන ඇත. වසර තිහකට ආසන්න ශාස්ත්‍රීය පළපුරුද්දක් ඇති ඔහු ව්‍යාපාර ආර්ථික විද්‍යා ක්ෂේත්රයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.
ඔහුගේ ශාස්ත්‍රීය කටයුතුවලට අමතරව, ඔහු ප්‍රශංසනීය හා සම්මානලාභී නිර්මාණශීලී ලේඛකයෙක් වන අතර ඔහු විසින් සිය ප්‍රබන්ධ සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළුව, ජාතික සාහිත්‍ය සම්මාන හයක් ලබාගෙන ඇත.
ප්‍රභාත් ජයසිංහ මහතා ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන අතර වර්තමානයේ ඔහු ද්විතීයික පදනම මත ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සහාවේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් ද සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියක් සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයෙන් (NUS) ආචාර්ය උපාධියක් ද ලබාගෙන ඇත. වසර තිහකට ආසන්න ශාස්ත්‍රීය පළපුරුද්දක් ඇති ඔහු ව්‍යාපාර ආර්ථික විද්‍යා ක්ෂේත්රයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.
ඔහුගේ ශාස්ත්‍රීය කටයුතුවලට අමතරව, ඔහු ප්‍රශංසනීය හා සම්මානලාභී නිර්මාණශීලී ලේඛකයෙක් වන අතර ඔහු විසින් සිය ප්‍රබන්ධ සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළුව, ජාතික සාහිත්‍ය සම්මාන හයක් ලබාගෙන ඇත.
නාලක රත්නායක මහතා ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ නියෝජ්‍ය මහලේකම්වරයා වේ. 2009 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට (SLAS) එක්වුණු ඔහු දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I පන්තියේ නිලධාරියෙකු ලෙස කටයුතු කරයි.කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසඔහු මීට පෙර කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ දශකයකට වැඩි කාලයක් සේවය කර ඇත. රාජ්‍ය සේවයට පිවිසීමට පූර්වයෙන්, ඔහු පෞද්ගලික අංශයේ වසර පහක පළපුරුද්දක් ලබා ඇති අතර වරලත් අලෙවිකරණ ආයතනයෙන් (එක්සත් රාජධානිය) වෘත්තීය සුදුසුකම් ලබා ඇත. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් සහ මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.
අධ්‍යාපනය
සංස්කෘතිය සහ සමාජ විද්‍යා
ස්වාභාවික විද්‍යාව
සන්නිවේදනය සහ තොරතුරු
ගිණුම්
පරිපාලනය
සේවා සහය