දුම්බර රටා කලාල නිර්මාණය කිරීමේ සාම්ප්‍රදායික ශිල්ප ක්‍රමය
2021 වර්ෂයේ ශ්‍රී ලංකාවේ දුම්බර රටා කලාල (දුම්බර පැදුරු) විවීමේ සාම්ප්‍රදායික ශිල්ප ක්‍රමය යුනෙස්කෝ අස්පර්ශණීය සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කරන ලදි. මූලිකවම කින්නර ජනයා විසින් කලාසිරිගම සහ ආලෝකගම යන ගම්මානවල නිෂ්පාදනය කරනු ලබන මෙම අතින් වියන ලද පැදුරු, බිත්ති සැරසිලි, විසිතුරු ගෙත්තම් සහ කුෂන් කවර වශයෙන් භාවිත කෙරෙන අතර, ඈත අතීතයේ දී රාජකීය මාළිගා සහ පාලක පන්තියේ ප්‍රභූන් වෙනුවෙන් නිර්මාණය කරන ලදි. මෙම පැදුරු හණ ශාකයේ කෙඳිවලින් සාදන අතර, එම හණ කෙඳි පිරිසිදු කර, වියළා, පීරා, දුම්බර නිම්නයේ ස්වභාවික ශාකසාර වර්ණක භාවිතයෙන් සායම් පොවනු ලැබේ. වියන යන්ත්‍රයක් මගින් පැදුරු විවීම සිදු කරනු ලබන අතර, අදාළ මෝස්තර සිහින් ලී පටියක් භාවිතයෙන් ඉතා සැලකිල්ලෙන් යුතුව නිර්මාණය කෙරේ. සංකේතාත්මක මෝස්තරවලින් පොහොසත් දුම්බර පැදුරු ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාව නියෝජනය කරන අතර, මෙම ශිල්පීය දැනුම නිරීක්ෂණය සහ භාවිතය යන ක්‍රම හරහා පරම්පරා ගණනාවක් පුරා සම්ප්‍රේෂණය වේ.