මිට්සුබිෂි ආසියාතික දරුවන්ගේ ඉනික්කි ෆෙස්ටා යනු දිගුකාලීන කලා හා සාක්ෂරතා මූලාරම්භයක් වන අතර, එමඟින් ආසියාව පුරා සිටින දරුවන්ට “ඉනික්කි” (Enikki), එනම්, චිත්‍ර සහ කෙටි සටහන් අඩංගු විස්තරාත්මක දිනපොත් හරහා ඔවුන්ගේ ජීවිත සහ සංස්කෘතීන් බෙදා ගැනීමට ආරාධනා කෙරේ. ජාත්‍යන්තර සාක්ෂරතා ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙම වැඩසටහන ප්‍රථම වරට 1990 දී දියත් කරන ලද අතර, එතැන් සිට මහාද්වීපය පුරා රටවල් සහ කලාප 24ක් දක්වා පුළුල් වී ඇත. වයස අවුරුදු 6 සිට 12 දක්වා ළමුන් ඉලක්ක කරගත් මෙම තරගය, “මට ආසියාවේ සිටින සියලු දෙනා සමඟ බෙදා ගැනීමට අවශ්‍ය මගේ ජීවිතය” වැනි ඒකාබද්ධ තේමාවක් යටතේ ඔවුන්ගේ දෛනික අත්දැකීම්, සම්ප්‍රදායන්, පවුල සමඟ ගත කරන ජීවිතය, පාසල් ක්‍රියාකාරකම්, සොබාදහම සහ දේශීය උත්සව නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමට තරඟකරුවන් දිරිමත් කරයි. තෝරාගත් කෘති ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා යොමු කෙරෙන අතර, ජපානයේ ද්විවාර්ෂික ජාත්‍යන්තර සම්මාන උළෙලක දී විශිෂ්ට නිර්මාණ සඳහා සම්මාන ප්රදානය කෙරේ. මෙහිදී, තරගයට අමතරව, සම්මානලාභී සහ අනෙකුත් විශේෂ එනික්කි කලා කෘති ජපානයේ සහ විදේශයන්හි දී ප්‍රදර්ශනය කෙරෙන අතර, තරුණ ප්‍රජාවන් අතර, අන්තර්සංස්කෘතික අවබෝධය, සහකම්පනය සහ ගෞරවය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ. ආසියාව පුරා ළමුන් අතර විවිධත්වය සහ අන්තර්සම්බන්ධතාව අගය කිරීම පෝෂණය කරමින්, කලාත්මක ප්රකාශනයේ සහ සංස්කෘතික හුවමාරුවේ අද්විතීය සම්මිශ්‍රණයක් මෙම තරගය මගින් පිළිබිඹු කෙරේ.