SLNCU

ජාත්‍යන්තර දින

ජාත්‍යන්තර දින යනු ගෝලීය දැනුවත්භාවය ඉහළ නැංවීම, ප්‍රත්‍යාවේක්ෂණය (reflection) දිරිමත් කිරීම සහ අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතිය සහ සන්නිවේදනය පිළිබඳ යුනෙස්කෝ සංවිධානයේ විධිනියෝගයට අනුකූල වන ගැටලු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග උත්ප්‍රේරණය කිරීම සඳහා නම් කරන ලද වාර්ෂික සැමරුම් වේ. මෙම දිනයන්, බෙදාගත් වටිනාකම් සැමරීමට, තීරණාත්මක අභියෝග ඉස්මතු කිරීමට සහ සංස්කෘතික විවිධත්වය, සාක්ෂරතාව, උරුමය, මානව හිමිකම් සහ තිරසර සංවර්ධනය වැනි තේමාවන් පිළිබඳ සංවාද ගොඩනැගීම සඳහා විවිධ ජාතීන් එකමුතු කරයි. සෑම වසරකම යුනෙස්කෝ සංවිධානය, රජයන්, සිවිල් සමාජය, අධ්‍යාපන ආයතන සහ ප්‍රජාවන්ට උත්සව, සමාජ ව්‍යාපාර සහ ප්‍රතිපත්ති සාකච්ඡා සඳහා සහභාගි වීමට අවස්ථා ලබා දෙන ජාත්‍යන්තර දිනයන්ගේ වැඩසටහනක් ඉදිරිපත් කරයි. මෙම සැමරුම් හරහා යුනෙස්කෝ සංවිධානය විසින් වඩාත් සාමකාමී, තිරසර සහ සාධාරණ සමාජ ගොඩනැගීමට සියලු දෙනාගේ සහභාගිත්වය සහ සාමූහික කැපවීම දිරිමත් කරනු ලැබේ. ලෝක ගුවන් විදුලි දිනය, ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය, ලෝක පොත් සහ ප්‍රකාශන හිමිකම් දිනය, ලෝක ජල දිනය සහ ලෝකයේ සංවාදය හා සංවර්ධනය සඳහා සංස්කෘතික විවිධත්වය උදෙසා වන දිනය වැනි ජාත්‍යන්තරව පිළිගත් දින මෙයට උදාහරණ වේ. මෙම සැමරුම් විවිධ සංස්කෘතික හා බුද්ධිමය උරුමයන්ට ගරු කිරීම මෙන්ම අවබෝධය, ඉගෙනීම සහ සහයෝගිතාව පෝෂණය කිරීමෙන් වඩාත් පුළුල් වූ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සඳහා සහාය වේ.

යුනෙස්කෝ ජාත්‍යන්තර දින සහ ඉදිරියේ පැවැත්වෙන සැමරුම් උත්සව දින පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුව සඳහා පහත සබැඳිය භාවිතා කළ හැකි ය.