SLNCU

අන්තර් රාජ්‍ය ජල විද්‍යාත්මක වැඩසටහන (IHP)

ජල විද්‍යාව දියුණු කිරීම සහ තිරසර ජල කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා යුනෙස්කෝව විසින් 1975  දී අන්තර් රාජ්‍ය ජල විද්‍යාත්මක වැඩසටහන (IHP) පිහිටුවන ලදි. ජලය කෙරෙහි පමණක් අවධානය යොමු කළ එකම එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මූලාරම්භය ලෙස, IHP පිරිසිදු පානීය ජලය, ගංවතුර වැළැක්වීම, ග්ලැසියර සංරක්ෂණය සහ ජල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම වැනි අභියෝග පිළිබඳව අවධානය යොමු කරනු ලබයි. දැනුම ප්‍රායෝගික ක්‍රියාවක් බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රමුඛ විද්‍යාඥයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එකට එකතු කරනු ලබයි. සාමාජික රටවල් 170ක් පුරා ජල මධ්‍යස්ථාන, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සහ ජාතික කමිටු ගෝලීය ජාලයක් හරහා, අන්තර් රාජ්‍ය ජල විද්‍යාත්මක වැඩසටහන පාලනය ශක්තිමත් කිරීම, නවෝත්පාදනය මෙහෙයවීම, සහ දිගුකාලීන ජල ආරක්ෂාවට සහායවීම අන්තර් රාජ්‍ය ජල විද්‍යාත්මක වැඩසටහන විසින් සිදු කරයි. යුනෙස්කෝ (2 වන කාණ්ඩය) අනුග්‍රහය යටතේ ඇති ජලයට අදාළ මධ්‍යස්ථාන ඔවුන්ගේ විශේෂඥතා ක්ෂේත්‍රවල අදාළ තේමාත්මක සහ භූගෝලීය ප්‍රමුඛතා මත කටයුතු කරයි. ශ්‍රී  ලංකාව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක වන සහ දකුණු ආසියානු පදනමේ සහාය ඇතිව ක්‍රියාත්මක වන දකුණු ආසියානු ජල කළමනාකරණ සඳහා වන යුනෙස්කෝ මදන්ජීත් සිං මධ්‍යස්ථානය (UMCSAWM) නම් ජල මධ්‍යස්ථානයක් පවත්වයි.