SLNCU

අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම (IOC)

යුනෙස්කෝවේ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම සාගර විද්‍යාව, සාගර නිරීක්ෂණ, සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධති සහ සමුද්‍ර සේවා යන ක්ෂේත්‍රවල ජාත්‍යන්තර සහයෝගිතාව ප්‍රවර්ධනය කරමින් සාගරය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහ තිරසර සාගර කළමනාකරණයට සහාය වේ.පෘථිවියේ 70%ක් ආවරණය කරමින් සහ සැලකිය යුතු කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරමින් පෘථිවියේ ජීවය පවත්වා ගන්නා සාගරය, දේශගුණික විපර්යාස හේතුවෙන් වැඩි වැඩියෙන් තර්ජනයට ලක්ව ඇති අතර, විද්‍යාව, සංරක්ෂණය, සම්පත් කළමනාකරණය, උරුමයන් ආරක්ෂාව සහ අධ්‍යාපනය තුළින් මෙම අභියෝගවලට මුහුණ දීමට යුනෙස්කෝ කටයුතු කරයි”. UNESCO සංවිධානය ‘තිරසර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ සාගර විද්‍යාවේ දශකය (2021-2030) ක්‍රියාත්මක කිරීමට නායකත්වය දෙන අතර, එය විවිධ අංශවල විද්‍යාඥයන්ට සහ පාර්ශ්වකරුවන්ට සාගර විද්‍යාවේ දියුණුව වේගවත් කිරීමට සහ උපයෝගී කර ගැනීමට අවශ්‍ය විද්‍යාත්මක දැනුම සහ හවුල්කාරිත්වයන් වර්ධනය කිරීමට සහ 2030 න්‍යායපත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා විද්‍යාව පදනම් කරගත් විසඳුම් ලබා දීමට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවකි.