SLNCU

කෘත්‍රිම බුද්ධි (AI) ආචාර ධර්ම

යුනෙස්කෝවේ කෘත්‍රිම බුද්ධියේ ආචාර ධර්ම පිළිබඳ නිර්දේශය (AI) යනු නිර්මාණයේදී, සංවර්ධනයේදී, යෙදවීමේදී සහ භාවිතයේදී මඟ පෙන්වීම සඳහා බෙදාගත් මූලධර්ම ස්ථාපිත කරනු ලබන පළමු ගෝලීය රාමුවයි.  2021 දී  යුනෙස්කෝවේ සාමාජික රටවල් 193 විසින් ඒකමතිකව සම්මත කරන ලද මෙය, අවදානම් සහ හානි අවම කරන අතරම, AI තාක්ෂණය මානව ගරුත්වය, සමාජ යහපැවැත්ම, තිරසර සංවර්ධනය සහ සාමය ප්‍රවර්ධනය කිරීම සහතික කිරීම අරමුණු කරයි.

මෙම රාමුව මානව හිමිකම් සහ මූලික නිදහස මත පදනම් වී ඇති අතර, සමානාත්මතාව, පෞද්ගලිකත්වය, වෙනස්කම් නොකිරීම සහ ප්‍රකාශනයේ නිදහස සඳහා ගරු කිරීම අවධාරණය කරයි. AI මානව කේන්ද්‍රීය විය යුතු අතර, විශේෂයෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, නීතිය ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය පරිපාලනය වැනි සංවේදී අංශවල තීරණ ගැනීමේදී මිනිසුන් පාලනය කළ හැකි මට්ටමක තබා ගත යුතුය. 

යුනෙස්කෝ කෘත්‍රිම බුද්ධි (AI) ආචාරධර්මයන්හි  මධ්‍යස්ථ මූලධර්ම වන්නේ සාධාරණත්වය සහ සියලු දෙනා අන්තර්කරණයයි. එය පක්ෂපාතය හා විෂමකරණය පිළිබඳ අවදානම් ඉස්මතු කරමින්, ස්ත්‍රීපුරුෂ සමානතාවය, සංස්කෘතික විවිධත්වය සහ සමාජයේ පසුගාමී (ආන්තික) කණ්ඩායම් අන්තර්කරණය සහතික කිරීම සඳහා පූර්ව ක්‍රියාමාර්ග ගත යුතු බව සඳහන් වේ.  මෙම නිර්දේශය විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල AI ප්‍රතිලාභ සමානව බෙදා ගැනීම සඳහා ඩිජිටල් බෙදීම් අඩු කිරීම ද අවධාරණය කරයි.

මහජන විශ්වාසය ගොඩනැගීම සඳහා ආචාරධර්ම බලපෑම් තක්සේරු කිරීම්, පැහැදිලි වගකීම් සහ අධීක්ෂණ යාන්ත්‍රණ දිරිමත් කරමින් විනිවිදභාවය, වගවීම සහ පැහැදිලි කිරීමේ හැකියාව ප්‍රවර්ධනය කරනු ලැබේ.

තිරසර සංවර්ධන ඉලක්ක සමඟ ගැලපෙන බලශක්ති කාර්යක්ෂම AI සහ වගකිවයුතු භාවිතයන් සඳහා පෙළඹවීම මගින් තිරසරභාවය ද අවධාරණය කෙරේ.

සදාචාරාත්මක AI පර්යේෂණ, ප්‍රතිපත්ති සම්පාදනය සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපනය, ධාරිතා ගොඩනැගීම සහ ජාත්‍යන්තර සහයෝගිතාවයේ වැදගත්කම යුනෙස්කෝව තවදුරටත් ඉස්මතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ජාතික AI උපායමාර්ගය යුනෙස්කෝ මාර්ගෝපදේශ සමඟ පෙළගස්වමින්, ආචාරධර්ම, සාධාරණ සහ තිරසර AI භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා අන්තර්කරණ ප්‍රතිපත්ති සම්පාදනය, මහජන උපදේශනය, පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය සහ විනිවිදභාවය ප්‍රවර්ධනය කරනු ලබයි.