ජාතික තොරතුරු මධ්‍යස්ථාන (NICs)
ජාතික තොරතුරු මධ්‍යස්ථාන (NICs) යනු යුනෙස්කෝ සංවිධානයේ සාමාජික රටවල් විසින් විදේශීය සුදුසුකම් පිළිගැනීමට පහසුකම් සැලසීම සහ උසස් අධ්‍යාපන පද්ධතිවල විනිවිදභාවය, සාධාරණත්වය සහ අනුකූලතාව ප්‍රවර්ධනය කිරීම සඳහා නිල වශයෙන් නම් කරන ලද ආයතන වේ. ඒවා රටවල් අතර අධ්‍යාපනික සංචලනය සහ අන්‍යෝන්‍ය විශ්වාසයට සහාය දැක්වීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.
ජාතික තොරතුරු මධ්‍යස්ථාන විසින් උසස් අධ්‍යාපන පද්ධති“ ආයතන“ සුදුසුකම් සහ පිළිගැනීමේ ක්‍රියා පටිපාටි සම්බන්ධ තොරතුරු සපයන ජාතික මට්ටමේ නිල යොමු මධ්‍යස්ථාන (National Reference Points) ලෙස කටයුතු කිරීමෙන්, උසස් අධ්‍යාපනයේ සුදුසුකම් පිළිගැනීම පිළිබඳ ආසියා-පැසිෆික් කලාපීය සම්මුතිය (ටෝකියෝ සම්මුතිය) ක්‍රියාත්මක කිරීමට සහාය දක්වනු ලැබේ.
ජාතික තොරතුරු මධ්‍යස්ථාන කලාපීය මට්ටමින්ආසියා-පැසිෆික් ජාතික තොරතුරු මධ්‍යස්ථාන ජාලයෙහි (APNNIC) කොටසක් වන අතර, මෙම ජාලය කලාපයේ රටවල් අතර සහයෝගීතාව, තොරතුරු හුවමාරුකර ගැනීම සහ ධාරිතා ගොඩනැගීම සඳහා පහසුකම් සපයයි. මෙම ජාලය තුළින්, ජාතික තොරතුරු මධ්‍යස්ථාන මගින් ටෝකියෝ සම්මුතියේ මූලධර්මවලට අනුකූලව උසස් අධ්‍යාපනයට අදාළ පිළිගැනීමේ පරිචය වැඩිදියුණු කිරීමට සහ අධ්‍යාපනික සංචලනය ප්‍රවර්ධනය කිරීමට දායකත්වය සපයයි.